Saturday, December 15, 2007

‘‘ සීයෙ කතන්දරයක් කියන්නකො ’’

රස කරපු කතන්දරයක් සීයාගෙන් අහන්න පුංචි කාලෙ අපි හැමෝම කැමතියි. එක බත් කටක් කවා ගන්න අම්මා කතන්දර කීයක් කියන්න ඇත්ද ? එකම කතන්දරේ දෙතුන් වතාවක් ඇහුවත් කතන්දර අහන්න තිබුණ ආසාව නං අඩු වුණේ නෑ කවදත්. පුංචි වුනත්, ලොකු වුණත් අපි හැමෝම කතන්දර අහන්න තවමත් ආසයි. ඒ හැම කතන්දරයකටම වැඩිය අපි හැමෝටම විශේෂ වුණු ජීවිත කතාවක් තියෙනවා. ඒකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ එකින් එකට වෙනස් වුණු අලූත් කතන්දර හැමෝටම තිබීමයි. ඒ අලූත් බව රසවත් වෙන්නෙ ඒකෙ තියෙන ස්වාධීන බව නිසායි. මිනිස්සුන්ගෙම ජීවිත, මිනිස්සුන්ගෙම අරගල, මිනිස්සුන්ගෙම ගති-පැවතුම් කලවම් වුණු මෙවන් කතන්දර වලින් තමයි නව කථාව බිහි වුණේ ෟ
නව කතාවක තියෙන විශේෂත්වය තමයි එහි තියෙන නවතාවය
එක් ප‍්‍රධාන චරිතයක් වට කර ගෙන, සමාජයේ විවිධ තැන් සමඟ යා කරමින් නිදහසේ ගොඩ නගන කතාවකි නව කථාව. නව කතාවට නව තාවය ලැබෙන්නේ මේ ස්වාධින බව නිසායි. සාමාන්‍ය ජිවිතයේම කතාවක් නාට්‍යයක් හා කාව්‍යක් ලෙසින් ඉදිරිපත් කරන විටයි නව කතාවක රසය වැඩි වෙන්නෙ. මේ රසය ලැබෙන්නෙ මතුපිටින් පෙනෙන දේ අභිබවා ගොස් ජීවිතයේ ගැඹුරු අදහස් හා ගැඹූරු ආශාවන් එළියට මතු කරන විටයි. මෙහෙම නව කතාවකට පාඨකයා ඉබේම බැඳී යනවා.
කිතුණු අප බැඳි යන ‘‘නව කතාව’’ දන්නවාද
මේ කතාවෙ ප‍්‍රධාන චරිතය තමයි යේසුස් වහන්සේ. ඒ කතාවෙ තියෙන පෙරළිකාර අවස්ථාව වන්නේ උන් වහන්සේව කුරුසිපත් කිරීමයි. එහි පාඨකයාව බැඳ තබන අමතක නොවන මොහොත තමයි මරණින් නැගිටීම. ඒත් මෙහි තියෙන චමත්කාරය වන්නේ කිසිම වැදගැම්මක් නැති බයාදු, නුගත් පිරිසක් සමාජ අයුක්තිය, අසාධාරණය හා භේදයන්ට එරෙහිව අභීතව, පේ‍්‍රමයන් නැගී සිටිමයි. එම කතාවෙ අවසානය තමයි දවසින් අලූත් වෙන බලාපොරොත්තුවයි.
මේ ‘‘නව කතාව’’ නව කතාවට හඳුන්වා දෙන්නෙ කව්රුන්ද ?
කිතුණු අපිටම අනන්‍ය වන ඉහත ‘‘ නව කතා පුවත’’ හරහා ජීවිතය, මරණය ගැන අපි දකින ලෝක ද්‍රෘෂ්ටියක් (world – view) තියෙනවා ඒ ලෝක ද්‍රෘෂ්ටිය නොකිතුණුවන් දකින ලෝක ද්‍රෘෂ්ටියට වඩා වෙනස් වෙනවා. වෙනත් වචන වලින් කිවහොත්, මිනිස් ශරිර කියන්නෙ දිරා යන ඇට, මස්, නහර වල එකතුවක්: පමණක් නෙවෙයිත ඒවා දෙවියන් වහන්සේගේ ප‍්‍රතිරූපය :සප්ටැි* දරන වටිනා මැවිල්ලක් වෙනවා. ජීවත් වීම කියන්නෙ කර්මයට විපාක ගෙවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන නමස්කාරයක් වෙනවා. පේ‍්‍රමය කියන්නෙ සංසාර ගමන දික් කරන ලෞකික බැඳිමක් නොවෙයිත එනම් පාපයන්ට දෙවියන් වහන්සේ දානය කරන කමාව පෙන්වීමේ අවස්ථාවක් වෙනවා. උපත කියන්නෙ අහඹු සිදුවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේගේ මැවිල්ලලේ ක‍්‍රියාකාරිත්වය සමරන අවස්ථාවක් වෙනවා. අයුක්තිය, ආසාධාරණය කියන්නෙ ලොව සමබරතාවය පවත්වා ගන්නා බලවේග නොවෙයිත එනම් පාපය නිසා දෙවියන් වහන්සේට අකීකරු වීමේන් ඇති වන තත්වයක් වෙනවා. සතුට, සමාදානය කියන්නෙ යහපත් ක‍්‍රියා කිරීමෙන් තමන් උපයා ගන්නා ලාභ ප‍්‍රයෝජන නොවෙයිත එනම් දෙවියන් වහන්සේට යටහත්ව, කීකරු වීමේන් වැගිරෙන ආසිරි වෙනවා . . . . . . . .
එහෙනම් අපේ කථා පුවත නව කතාවට හඳුන්වා දිය යුත්තේ කිතුණු අපිමයි. ඒක අපේ පේ‍්‍රමනීය වගකීමක් ෟ ඒ වගේම තව කතා පොතක් කියවන විට කතෘ දකින ලෝක දුෘෂ්ටියට වහල් නොවී, කිතුණු ලෝක ද්‍රෘෂ්ටිය වෙන් කර හඳුනා ගැනීමට අපි උත්සාහ කරමු.

එත් අද නව කතා කලාව පහත් තත්වයකට වැටී තියෙනවා
මුදල් උපයන බලාපොරොත්තුවෙන් නව කතා නිර්මාණය කිරිම මෙයට හේතුවයි. එකම පොතකින් ඉදිරිපත් කරන්ට පුළුවන් කතා පුවත දික් කර, කොටස් වශයෙන් විකිණීම නිසා පාඨකයා අසහනකාරි තත්වයකට පත් කරනවා. එක් චරිතයක් වට කර කතාව ගොඩ නගනවා වෙනුවට චරිත කීපයක් එකිනෙක පටලවා නව කතාවෙ රසය නැති කරනවා. එපමණක් නොවෙයි, ස්ත‍්‍රි කය විකුණනවා. අනවශ්‍ය ලෙස ලිංගික ක‍්‍රියා විස්තර කර කාම රාග අවුස්සනවා. නව කතාවකින් සමාජයට යහපත් ආදර්ශයක් දෙනවා වෙනුවට ලිංගික ආශා, මුදල් තන්හා, බල ලෝභකම් අවුස්සා පාඨකයා නොසන්සුන් කරනවා . . . . .
කිතුණු අපි මෙවන් නව කතා පොත් ප‍්‍රතික්ෂේප කල යුතුය. මිනිස් ජිවිත ගොඩ නගන, සමාජය සුව කරන නව කතා පොත් නිර්මාණය කල යුතුය. එය අපට ඇති පේ‍්‍රමනිය වගකීමකි ෟ
කරුණු මෙසේ නම්, නව කතා පොත් බිහි වුණේ කොහොමදැයි දන්නවාද ?
මීට අවුරුදු ගණනාවකට පෙර ඉතිහාසට ගොස් විපරම් කරලා බලමුද ? මෙන්න මෙහෙයි නව කතා කලාව අපේ සාහිත්‍යයට ඇතුල් වුණේ ෟ
ඉතිහාසයෙන් බිඳක් . . . . .
එකමත් එක කාලෙක, බොහෝම ඉස්සර, ලංකාවේ සාහිත්‍යය පරම්පරාවට රැුගෙන ගියේ කටින් කටට කීමෙනුයි. පහු කාලෙකදී පුස් කොල පොාත් ඇති වුණා. කටින් කටට ගිය එදා සාහිත්‍යය පුස් කොල පොත් වල ලියන්නට පටන් ගත්තා.

ඉතින් මෙහෙම දියුණු වුණු සාහිත්‍යය එදා ලියැවුණේ කව්රුන්ටද ?
අද වගේ ඕනෑම වයස් කාණ්ඩයකට ඕනෑම සමාජ පංතියක ඉන්න කෙනෙකුට ඕනෑම මාතෘකාවකින් රස විඳින්ට පුළුවන් කමක් එදා සාහිත්‍යයේ තිබුණේ නෑ ෟ එදා සාහිත්‍යය ලියැවුණේ රටේ රජ්ජුරුවන්, ඇමතියන් හා සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්ගේ රස වින්දනයටයි. ඒ විතරක් නෙවෙයි, බොහෝ සාහිත්‍යය ලියැවුණේ බෞද්ධාගමට සම්බන්ධවයි.
ඇයි මෙහෙම වෙනස් තත්වයක් ?
මේකට හේතුව ඒ දවස්වල ලංකාවෙ තිබුණු සමාජ ක‍්‍රමයයි. අද වගේ විවෘත ආර්ථිකයක් එදා තිබුණෙ නෑ. තිබුණෙ කෘෂිකර්මය පදනම් වුණු ආර්ථිකයක්. අද වගේ කාන්තා විමුක්තියක් ගැන එදා කථා කලේ නෑ. අද සමාජයේ කාන්තාවනුත් පුරුෂයන් මෙන් අධ්‍යාපන සුදුසුකම් හා දක්ෂතා අනුව රැුකියා කරනවා. එම වැටුපෙන් පුංචි පවුල රැුක ගන්නවා. ඒත් එදා තිබුණෙ වැඩ වසම් සමාජ ක‍්‍රමයක්. ඉතිං ඉඩම් අයිතිව තිබුණෙ සමාජයේ ඉහළ පංතියේ සිටි රදළ වරුන්ටයි. මේ අය සුඛෝපභෝගි ජීවිත ගත කලා. සාමාන්‍ය ජනයා බොහෝ දෙනෙක් කලේ මෙම ඉඩම්වල කෘෂිකර්මය කිරිමයි. ඒ අයගේ ජිවිත බොහොම සරලව ගත කලා. රට පාලනය කල රජ්ජුරුවන්ද කෘෂිකර්මයට බොහෝ අත හිත දුන්නා. මෙහෙම තත්වයකදී රට පාලනයට රදළ වරුන්ගෙ සහාය රජ්ජුරුවන්ට අවශ්‍ය වුණා. ඒ නිසා එදා ලියැවුණු සාහිත්‍යය පෝෂණයට රජ්ජුරුවන් අනුග‍්‍රහය දුන්නේ ඔහුට රට පාලනයට සහාය අවශ්‍ය එනම් රාජ මඩුල්ල, ඇමතිගොල්ලො හා රදළ ජනයා ඇතුළු පිරිසගේ රස වින්දනයටයි. ඉතිං බහුතර සාමාන්‍ය ජනයාගේ රස වින්දනයට එදා සාහිත්‍යය තිබුණෙ නෑ ෟ

කෝ අද්භූත කථා ? පේ‍්‍රම කථා ? රහස් පරික්‍ෂක කථා ?
මේවා එදා සාහිත්‍යයේ තිබුණෙ නෑ. අද වගේ කාර්ය්‍ය බහුල තත්වයක් එදා සමාජයේ තිබුණෙ නෑ. අද බොහෝ දෙනෙක් අධ්‍යාත්මික වර්ධනය සොයන්නේ විවෙක කාලයක් ලැබුණු විට පමණයි. ඒත් එදා සමාජයේ පන්සලට විශේෂ තැනක් හිමි වුණා. ගමේ උස් භූමියකයි. පන්සල පිහිටා තිබුණෙ සෑම රට වැසියෙකුගේම අධ්‍යාත්මික හා අධ්‍යාපනික පිපාසය නිවා දැම්මේ පන්සලයි. මෙහෙම තත්වයකදී බෞද්ධ ආගම පෝෂණය කිරිම හා රැුක ගැනීම රජ්ජුරුවන්ගේ කටයුත්තක් වුණා. ඒ නිසායි එදා ලියැවුණු බොහෝ සාහිත්‍යය බෞද්ධාගම හා සම්බන්ධ වුණේ. බෞද්ධාගමට සම්බන්දැයි කීවාට සමහරක් සාහිත්‍ය නිර්මාණ වල බෞද්ධ සලකුණක් පමණක් තබමින් කළේ රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන් හා රදළ වරුන්ගේ ගුණ වර්ණනාවකි ෟ මෙයට හේතුව කලා කරුවාට ස්වාධීන නිර්මාණ කිරීමට තිබුණු නොහැකියාවයි.

ඇයි එදා ස්වාධින කලා කරුවො හිටියෙ නැත්තෙ ?
එදා විතරක් නොවෙයි, අදත් ස්වාධින කලාකරුවෝ දුබලයි. ඒත් අද තත්වය එදා සමාජ තත්වයට වඩා ලිහිල්ය. අද කලා කරුවෝ තමන්ගේ ස්වාධිනත්වය සීමා කරන්නේ තමන්ගේ නිෂ්පාදනයට ලාභ ලැබෙන ප‍්‍රකාශකයෙක් අල්ලා ගැනීමටයි. අද බොහෝ කලා කරුවන් සාහිත්‍යය නිර්මාණ කරන්නේ හුදෙක් රැුකියාවක් නිසාම නොවෙයි. බොහෝ අයගෙ එකම ආදායම් මාර්ගය සාහිත්‍යය නිර්මාණය නොවෙයි. ඒ නිසාම තමන්ගේ ස්වාධිනත්වය සාහිත්‍ය නිර්මාණයේදී තීරණය කරන්නෙ ඔවුන්මයි. ඒ නිසා සමාජයේ ඕනෑම දෙයක් නොබියව ප‍්‍රකාශ කිරිමට අද කලා කරුවාට හැකියාවක් තියෙනවා. අද මුද්‍රණ යන්ත‍්‍රද නවීන තාක්‍ෂණද තියෙන නිසා සාහිත්‍යය නිර්මාණයට විශාල වියදමක්ද යන්නේ නෑ. ඒ නිසා කලා කරුවාට තමන්ගෙ නිර්මාණ කිරිමට බාහිරින් අනුග‍්‍රහයක් අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ගිය වියදමට ලාභ උපයා දෙන හොඳ ප‍්‍රකාශයෙක් අල්ලා ගැනිමයි.
ඒත් එදා සමාජයේ මුද්‍රණ යන්ත‍්‍ර තිබුණෙ නෑ. ප‍්‍රකාශකයෝ හිටියෙ නෑ. ලාභ ලබන්ට පොත් ලිව්වෙ නෑ. තමන්ගේ නිර්මාණ කලේ රජ්ජුරුවන්ගේ අනුග‍්‍රහය ඇතිවයි. මේ නිසාම එදා කලා කරුවෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුග‍්‍රාහකයාගේ රුචි අරුචිකම් වලට තමන්ගෙ ස්වාධිනත්වය කැප කලා. මේ නිසාම එම නිර්මාණවල ප‍්‍රධාන අන්තර්ගතය වුණේ අනුග‍්‍රහය සැපයුවන්ගේ, එනම් රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන්, රදළයන්ගේ ගුණ වර්ණතාවකි. සමහරක් විට නැති ගුණ පවා වර්ණතා කරන්ට ඔවුන්ට සිදු වුණා ෟ මේ තත්වය නොඉවසමින් නැගී සිටිය කලා කරුවෝද සිටියා. නැති මිනිස් ගුණ වර්ණතාවට වසා බුදුන්ගෙ ගුණ වර්ණනා කරමින් ‘‘ බුදුගුණ අලංකාරය’’ ලියු විදාගම හිමියෝ මෙයට උදාහරණයකි.

අද වගේ සමාජ විවරණය කරන සාහිත්‍ය නිර්මාණ එදා තිබුණෙ නෑ
අද සාහිත්‍ය නිර්මාණයක් කියවන විට ඇහෙන්නෙ මිනිසුන්ගේ සුසුම් ලෑම්යත සිතුම් පැතුම්යත ජිවන රටායත ජිවන අරගලය. ඒත් එදා නිර්මාණවලින් මේවා ඇසුණෙ නෑ ෟ දැනුණෙ නෑ ෟ කථා කෙරුණෙ නෑ ෟ එදා පැවති වැඩවසම් සමාජ ක‍්‍රමයේ හෝ රාජාණ්ඩු ක‍්‍රමයේ ඌනතා සාකච්ඡුා කෙරෙන සාහිත්‍ය නිර්මාණ එදා කලා කරුවෝ බිහි කලේ නෑ. එයට හේතු වුණේ එදා කලාකරුවො සාහිත්‍ය නිර්මාණ කලේ රජ්ජුරුවන්ගෙ අනුග‍්‍රහය ඇතිව වීමයි. ඒත් මේ තත්වයට භය නැතිව මුහුණ දුන් කලාකරුවොද එදා හිටියා. එදා රාජාණ්ඩු පාලනය හා වැඩවසම් සමාජ ක‍්‍රමය ගෙන ගිය රජජුරුවන් හා ඔහුට උපදෙස් දෙන බමුණත් උපහාසයට ලක් කරමින් නිර්මාණය කල ‘‘උමන්දාව’’ මෙයට උදාහරණයකි.

එතකොට ‘‘ස්ත‍්‍රිය’’ හා ‘‘පේ‍්‍රම කථා’’ හඳුන්වා තිබුණෙ කොහොමද ?
අද මෙන් නොව එදා සාහිත්‍ය නිර්මාණ වල ‘‘ ස්ති‍්‍රය’’ හඳුන්වා තිබුණෙ පුරුෂයන් වංචා කරන්ට පැමිණි මායා රූපයක් ලෙසයි. අද සාහිත්‍ය නිර්මාණවල ‘‘ස්ත‍්‍රිය’’ හඳුන්වන්නේ එදාට වඩා හාත්පසින් වෙනස් ලෙසයි. ඇගෙන් සමාජයට වෙන යහපත හා ඇගෙ චරිතයෙන් පුරුෂ චරිතය හැඩ ගස්වා ගැනීමට දෙන රුකුල ගැන වර්තමාන සාහිත්‍ය නිර්මාණ කථා කරනවා. එතකොට පේ‍්‍රම කථා එදා විස්තර කලේ මනුෂ්‍යත්වයේ දුර්වලකම් ලෙසයි. නැත්නම් ස්ත‍්‍රියගේ වසඟයට ආ කාම පුරුෂයන්ට වන දුක් ගැහැට ලෙසයි. ඒත් අද පේ‍්‍රම කථා විස්තර කරන්නෙ කාම ආශාවන් නිසා ජිවිත වලට සිදු වෙන අවුල් වියවුල් ගැනයි.

එදා බොහොමයක් කාව්‍ය නිර්මාණ කලේ සංස්කෘත භාෂාවෙන් ? ?
එදා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්, බමුණන් හා ප‍්‍රජක පිරිස්ය. බහුතර සාමාන්‍ය ජනයා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ නෑ. එත් රජ්ජුරුවන්ට රට පාලනයට අවශ්‍ය ඉහල පෙලේ අයට මහේශාක්‍ය තත්වයක් දුන්නේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න බැරි සංස්කෘත භාෂාවෙන් සාහිත්‍ය නිර්මාණ කිරිමෙනුයි.
එහෙනම් සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර පරතරයක් තිබුණා
අන්දරේ වගේ ජන කවියෙකු රාජ සභාවට කැඳවු ශී‍්‍ර නරේන්ද්‍රසිංහ රජු දවස වැනි අවස්ථා හැරුණු කොට, එදා සාහිත්‍යය හා සාමාන්‍ය ජනයා අතර විශාල පරතරයක් තිබුණා. මේ තත්වය සුව වුණේ යටත් විජිතයක් සමඟ 19 වැනි සියවසේ ඇති වුණු සමාජිය - ආර්ථික - දේශපාලන පෙරළියක් සමඟයි.

මොකක්ද අප්පේ මේ පෙරළිය ?
ඉංග‍්‍රිසින් එදා පැවති රාජකාරි ක‍්‍රමය අහෝසි කලා. ඉතිං කුල භේදය පදනම් වුණු වැඩවසම් සමාජ ක‍්‍රමයත් බිඳ වැටුණා. ඒ වෙනුවට රට පුරා තනි පාලනයක් ඇති කරන කෝල්බෲක් -කැමරන් පාලන ක‍්‍රමය හඳුන්වා දුන්නා. මේ නිසා රටේ හැම පුරවැසියෙක්ටම සමාන අයිතිවාසිකම් ලැබුණා. සාහිත්‍ය නිර්මාණයට රජ්ජුරුවන්ගෙන් ලැබුණු අනුග‍්‍රහයද නැවතුණා. හව්හතරක් නැති වුණු කලාකරුවෝ රාජ අනුග‍්‍රහය නැති වුණු නිසා රදළ වරුන් වැනි බලධාරින් සොයා ගියා. ජෝන් ඩොයිලි නම් ඉංග‍්‍රිසි පාලකයාගේ අනුග‍්‍රහය ඉල්ලූ ගජමන් නෝනා ප‍්‍රසිද්ධ කිවිඳිය මෙයට උදාහරණයකි. පහු කාලෙකදි මුද්‍රණ යන්ත‍්‍ර බිහි වුණා. ප‍්‍රකාශකයො ඇති වුණා. ඒත් අච්චු කන්තෝරු අයිතිකරුවන් හා ප‍්‍රකාශකයන් ධනවත් අය වුණේ නෑ. මේ නිසා සාහිත්‍ය නිර්මාණය හැරෙන්න වෙනත් ජීවනෝපායක් කළ නොහැකි වුණු කලාකරුවෝ තමන්ගෙ නිර්මාණ වලට අනුග‍්‍රහය ලබා ගන්ට ධනවත් රදළ වරුන්ටම ඇදී ගියා. සමහරක් ප‍්‍රකාශකයන්ගෙ ඇඟිලි ගැසිම් හා හිරිහැර නිසා කලාකරුවො බොහෝ අසරණ වුණා. සාහිත්‍ය නිර්මාණය කිරිමද විඩාබර වුණා. ඒත් රාජ අනුග‍්‍රහයෙන් නම් මිදුණා ෟ
කෘෂිකර්මය මත පදනම් වුණු රටේ ආර්ථිකය වෙනුවට ඉංග‍්‍රිසින් කෝපි හා තේ වැනි වතු වගාවන් පටන් ගත්තා. අක්කර දහස් ගණනකින් ඉඩම් ඉංග‍්‍රිසින්ට අයිති වෙන්න පටන් ගත්තා. මේ අතර වැඩවසම් ක‍්‍රමය යටතේ ඉඩම් වල කෘෂිකර්මය කරනවා වෙනුවට රජයේ රැුකියා ලබා ගැනිමට රට වැසියෝ උනන්දු වුණා. හොඳ රැුකියා ලැබුණේ ඉංග‍්‍රිසි දන්නා, කිතු දහම වැළඳ ගත්තවුන්ට නිසා බලපුළුවන්කම් ඇති උඩරැුටියන් ඉංග‍්‍රිසිය පසු පස්සේ දුවන්නට පටන් ගත්තා. මේ නිසා ක‍්‍රිස්තියානි පුරකයන්ටද සිංහල භාෂාව ඉගෙනීම පැත්තකින් තබා ඉංග‍්‍රිසි භාෂාව ඉගැන්විමට සිදු වුණා. එත් එසේ කරන්න නොහැකි වු සිංහල දරුවෝ පන්සලටයි ගුරු ගෙදරටයි වෙලා සිංහල භාෂාවන් පාලි, සංස්කෘත භාෂාවනුත්, බෞද්ධාගමත් ඉගෙන ගත්තා. කැළණියේ විද්‍යාලංකාරය (දැන් කැළණියෙ විශ්ව විද්‍යාලය* වගේ පිරිවෙන් කොළඹ අවට බෞද්ධ අධ්‍යාපනය සඳහා පිහිටුවීම මේ කාලයේ විශේෂ දෙයක් වුණා. ඒත් සිද්ධ වුණේ කිතු දහම වැළඳ ගත්, ඉංග‍්‍රිසි උගත් වරප‍්‍රසාද හිමි කර ගත්තු අයත් ජාතික හා දේශිය ව්‍යාපාර මෙහෙය වු බෞද්ධයනුත් අතර නිතර ගැටුම් ඇති විමයි. මේ ආගම් වාද කුල වාද කෙරුණේ පුවත් පත් හා සඟරා වලිනුයි. මේවා අපහාසයකින් ලියැවුණු වාද වුණා. නිසරු ප‍්‍රශ්න වලින් හට ගැනුණු වාද වුණා. මෙහි අවසන් ප‍්‍රථිඵලය වුණේ සිංහල භාෂාව ලිහිල් වු භාෂාවක් බවට පරිවර්තනය විමයි. එදා පැවති සම්භාව්‍ය බව භාෂාවෙන් තුරන් වුණා. සිතුවිලි හා හැඟිම් ප‍්‍රකාශ කිරිමේ ශක්තිය ඇති සරල භාෂාවන් බවට පත් වුණා. ඉතිං එදා සමාජයේ ඉහල පංතියට සීමා වුණු සාහිත්‍යය දැන් බොහෝ පාඨක පිරිසකට රස විඳින්ට පුළුවන් භාෂාවකින් පිවිසෙන්න පටන් ගත්තා.
මෙසේ සිදු වුණු ආර්ථික - සමාජිය - දේශපාලන පෙරලියත් සමඟ එදා පැවදි කතුවරයන් අතේ තිබුණු සාහිත්‍යය දැන් ගිහි කතුවරයන් අතට පත් වුණා ෟ දැන් එය මධ්‍යම පංතියට ප‍්‍රධාන ලෙස විෂය වුණු මාධ්‍යයක් බවට පත් වුණා ෟ

ඒ විතරක්ද ? නව කථාවේ උත්පත්තියද ඇති වුණා
කථා කියවන්න ආසාවක් පාඨකයා තුළ ඇති වුණේ ඉහත වාද විවාද කෙරුණු සඟරාවල පළ වුණු පෙරදිග හා යුරෝපිය කථා නිසායි. ඒ වගේම ස්වනිර්මාණ බොහෝ අඩු වු මාතර අවධිය හා වර්තමාන අවධිය අතර කාලයේ බිහි වු පරිවර්තනව නිසාද කථා කියවිමේ ආසාව වැඩි වුණා. මේ අතර කිතුණු පුජකයන් පළ කල බයිබල් පරිවර්තනද බයිබල් කථාද කිතුණු සාත්තුවරයන්ගේ ජිවිත කථාද නව කථා බිහි වීමට ආදර්ශ වුණා. කෘති ආකාරයක් ගන්නා නාඩගම් නාටක සාහිත්‍යද නව කථා බිහි වීමට රුකුල් වුණා. මේ නාටක සාහිත්‍ය වල පොදු ජන ජිවිතයෙ අත්දැකිම් හා පොදු ජන භාෂාව භාවිතා වුණා. ඉතිං ආගමික මුහුණුවරක් ගත් එදා සාහිත්‍ය වෙනස් වුණා. එය දැන් පොදු ජන ජිවිතයේ අත්දැකිම්, අරගල හා සිතුම් පැතුම් විස්තර කරන සාහිත්‍යක් බවට පත් වුණා.
ඉතිං බහුතර සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන භාෂාවකින් ඔවුන්ට වඩාත් සමීප බවකින් නව කථාව සාහිත්‍යයට ඇතුල් වුණා. ඔවුන්ගේම ජිවිත කථා කරන ඔවුන්ගේම සාහිත්‍යයක් බවට නව කථාව පත් වුණා. එදා සාහිත්‍යත් සාමාන්‍ය ජනයත් අතර තිබුණු පරතරය දැන් සුව වුණා.

---------- රචනය- අයෝමා ප්‍රනාන්දු ---------------------------



අපිට වෙන මොන “නව” කතා ද ?

ප්‍රසිද්ධ “අයොමා” නවකතාව ඔබ කියවා හෝ අවම වශයෙන් එය අසා හෝ ඇතියි සිතමි. ඒ වනාහි එක් ස්ත්‍රී චරිතයක් වට කොට සමාජයේ පැතිකඩක් ගැඹුරින් විගහ කරන කිර්මාණයකි. එපමණක්ද ? ප්‍රේම කථා, අද්භූත කතා, රහස් පරීක්ෂක කතා. . . අනිවාර්යයෙන්ම මින් එකක් හෝ ඔබ කියවා ඇත. සැබවින්ම නවකතාවේ සම්භවය කුමක්ද?

එකමත් එක කාලෙක බොහෝම ඉස්සර, අපේ රටේ සාහිත්‍ය මුඛපරම්පරා ගතව පැවතුණි. . . .
පසු කලෙක ඒවා පුස්කොළ පොත්වල ලියවුණි. එකල ලංකාවේ පැවතුනේ වැඩවසම් සමාජ ක්‍රමයයි. මේ අනුව රජුන්ට රට පාලනය කිරීමට ප්‍රභූ පක්ෂයේ හා පූජක පක්ෂයේ සහය අවශ්‍ය වුණි. මේ නිසා සාහිත්‍යාංග සම්පාදනයට රජු අනුග්‍රහය සැපයුයේ රජු, ඇමති, ප්‍රභූ ඇතුළු උගත් පිරිසගේ විනෝදාශ්වාදයට හා බෞද්ධ ජනයාගේ අපේක්ෂා සපුරාලීමටය. එසේ ලියවුණු බොහෝ සාහිත්‍යාංගවල අන්තර්ගතය වූයේ රජු, බිසෝ ඇතුළු ඇමති මණ්ඩලයේ ගුණ වර්ණනාවකි. මේ හැරුණු කොට ඇතැම් ඒවා ලියවී තිබුනේද සාමාන්‍ය ජනයා භාවිතා නොකරන සංස්කෘත භාෂාවෙනි. එහෙයින් සාමාන්‍ය ජනයා උදෙසා ලියවුණු සාහිත්‍යාංග ඉතා දුර්ලභ විය. සාමාන්‍ය ජනයා‍ ජීවත්වීමට කරන අරගලය ගැන කතා කෙරෙන සාහිත්‍යාංග නොවීය. ඔවුන්ගේ භාෂා දැනුමද පහළ මට්ටමක පැවතුණි. මේ නිසා පැරණි ලාංකීය සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර දුරස්බවක් ( පරතරයක් ) ඇති විය.

මේ තත්ත්වය කණපිට පෙරලුනේ යටත් විජිතයන් සමග ඇතිවූ විශාල සමාජ, ආර්ථික හා දේශපාලන පෙරළියත් සමගය. මෙකල රජයේ රැකියා ලබාගැනීමට බලපුලුවන්කාරකම් ඇත්තාවුන් විශේෂයෙන් උඩරැටියන් සිංහලය පසෙක ලා ඉංග්‍රීසිය පසුපස දිවූහ. කිතුදහම වැළදගත්, ඉංග්‍රීසි උගත් වරප්‍රසාදලත් පක්ෂය හා ජාතික-දේශප්‍රේමී ව්‍යපාර මෙහෙයවූ බෞද්ධ පක්ෂ්‍ය අතර මේ අවධියේ නිරන්තර ගැටුම් ඇතිවන්නට විය. මෙම ආගම්වාදී, කුලවාදී (උඩරට-පහතරට) ජාතිවාදී (ආරම්භයේදී ස්වදේශීය නමුත් සිංහල භාෂාව ඇතුළු ජාතික අදහස් ඉස්මතුවීම) විවාද කෙරුණේ පුවත්පත් සගරා මාර්ගයෙනි. මේව‍ා ලියවුනේ සාමාන්‍ය ජනයාට ‍වුවද තේරුම් ගතහැකි පණ්ඩිත නොවන සරල බසකිනි.

මෙසේ ලියන භාෂාව සම්බන්දයෙන් විශාල පරිවර්තනයක් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ, ලංකාවේ ජනයා භාවිතා කළ භාෂාවන් 20වැනි ශතවර්ෂයේ ලේඛකයන්ට නවකතා ප්‍රභන්ධයට සුදුසු සුනම්‍ය උපකරණයක් වීමය. මෙම පුවත්පත්වල හා සගරාවල පළවුණු යුරෝපීය හා පෙරදිග කථා නිසා ලාංකීය පාඨකයා තුළ නවකතා කියවීමේ රුචියක් ඇති විය. මීට අමතරව පොදු ජන ජීවිතය හා ප්‍රේම කථා ඇසුරුකොට ලියවුණු ගීත-නාටක සාහිත්‍ය ද ( නාඩගම් හා නූර්ති ) මේ කාලය වනවිට ලාංකීය පාඨකයා තුළ කතාකියවීමේ රුචිය වැඩිකරවන්නට හේතුවිය. ආගමික හා සම්භව්‍ය මුහුණුවරක් ගත් පැරණි සාහිත්‍ය ක්‍රමයෙන් වෙනස්වෙමින් දැන් පොදු ජනයා මුහුණපාන ප්‍රශ්ණ ගැටළු හා අත්දැකීම් විවරණය කරන පොදුජන සාහිත්‍යයක් බවට පත්විය. මෙලෙස සැකසුන පො‍ෙළාව මත නවකතාව අප ලාංකීය සාහිත්‍යට පහසුවෙන් මුල්බැසගැනීමට හැකි විය.

. . . . ඉතිං ඔන්න ඔහොමයි ලාංකීය නවකතාවේ සම්භවය ඇතිවුනේ. . . .

අද බොහෝ නවකතාවලට පසුබිම වී ඇත්තේ පොදුජන ජීවිතයයි. ඒ නිසා ඒවා ජන සමාජය පිළිබිඹු කරන කැඩපතක් මෙන් තාත්වික බවක් ගනි. කරුණු මෙසේ වුවද අද ඇතැම් නවකතා වල ඇත්තේ තාත්විකබව ඉක්මවා යන අතිශයෝක්තියෙන් ගොතනලද ප්‍රභන්ධයන්ය. ප්‍රේම කතාන්දර ඔබ කියවා ඇත්ද ? ඇතැම්විට ඒවායේ ඇත්තේ බිදුණු විශ්වාසය හා ආත්මාර්ථකාමී ප්‍රේමය අළලා සැකසුන කාමරාගික හැගීම් අවුස්සන අන්දමේ කතා වස්තුන්ය. ත්‍රාසජනක හා අත්භූත කතා ඔබ කියවා ඇත්ද? බොහෝවිට ඒවායේ තිබෙන්නේ මනඃකල්පිත බලවේගයන්ට අසමබර ලෙස කුතුහලය දනවන කතාන්දරය.

එසේ නම් නවකතාවක් කියවන කිතුණුවකු ලෙස ඔබ එය වින්දනය කළයුත්තේ කෙසේද?
නවකතාව යනු තවත් සන්නිවේදන මාධ්‍යකි. නවකතාවෙන් සිදුවන්නේ, කතුවරයා දකින ලෝක දෘෂ්ඨිය (World View) පාඨකයා වෙත සන්නිවේදනය කිරීමයි.

කිතුණු ඔබ දකින ලෝක දෘෂ්ඨිය කුමක්ද ?

සියල්ලක්ම අනිත්‍ය බවක්ද? . . . .මරණින් පසු මතු බලාපොරොත්තුවක් ද?

මනුෂ්‍ය ශරීරය යනු මේසා විශාල විශ්වයේ දිරායන අමතකවී යන තවත් එක් ඇටසැකිල්ලක් ද? . . .
. . .දේව ප්‍රතිරූපය දරන උතුම් මැවිල්ලක් ද?

ජීවත්වීම යනු භෞතික ජීවිතයට-ලෝකයට ඇලීමක් ද? . . .දෙවිදුන් මහිමයට පත්කරන නමස්කාරයක් ද?

දුක්ගැහැට යනු කර්මවල අනිවාර්ය විපාකයක් ද? . . . දෙවිදුන්ට අකීකරුවීම නිසා ඇතිකර ගන්නාවූ ප්‍රතිඵලයක් ද?

ප්‍රේමය යනු තාවකාලික ලෞකික බැදීමක් ද? . . . සදාකාලික දිව්‍යමය බැදීමක් ද?
යනාදි කරැණු විමසා බැලීම අගනේය.

නවකතා කතුවරයෙකු දකින ලෝක දෘෂ්ඨීය හා කිතුණුවන් ලෙස අප දකින ලෝක දෘෂ්ඨිය වෙනකර හදුනාගැනීම වටින්නේය. එපමණක් ද නොවේ, දේවරාජ්‍යයේ අංගයක් වන මිනිසාගේ සැබෑ කතාව ඇතුලත් වන නවකතාව දේව රාජ්‍යයේ වර්ධනයට ඉවහල් වන ලෙස හසුරුවාලීම ද කිතුණු අපගේ ප්‍රේමණිය වගකීමකි. පොදු ජන ජීවිතයට හා මනස විකෘති කරන අතිශයෝක්තියක් ඇති නවකතා පොත් අප විචාරයට ( විවේචනයට ) ලක් කළ යුතුය. කිතුණු අප සාහිත්‍යාංග සම්පාදනයෙදී කිතුණු නොවන ලෝක දෘෂ්ඨීන් ආමන්ත්‍රණය කිරීමෙන් වැලකිය යුතුය. නමුත් කිතුණු ලෝක දෘෂ්ඨිය මත පිහිටා අපගේ පාඨකයා වෙත ආමන්ත්‍රණය කිරීම කළයුතුය. මෙය කිතුණු අපට ඇති අභියෝගයකි. ප්‍රේමණීය වගකීමකි. ආර්ථික සමාජ හා දේශපාලනික ආතතීන්ගෙන් පීඩාවිදින ලාංකීය පාඨකයන්ට ඇමතීමට කිතුණු අප අදහන කතාපුවත කුමක්ද? දුකට හේතුවුන කර්මවලට සමාව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? මරණින් මතු බලාපොරොත්තුව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? සදාකාලික ප්‍රේමයේ උල්පත දන්නේ කව්රුන්ද?

නවකතා පාඨකයාගේ දෙනෙතට නොගැටුණු මෙම “නව ” කතා පුවත, ලාංකීය නවකතාවට හදුන්වාදෙන්නේ කව්ද? මෙම “නව ” කතාව හැරුණුකොට කිතුණු අපට වෙන මොන නවකතා ද?

රචනය : අයෝමා ප්‍රනාන්දු